E1M1 02 01 2023

තමන්ට රටෙන් ලැබිය යුතු දේ ගැන පමණක් සිතා අරගල කරනවා වෙනුවට තමන් විසින් රටට ඉටු කළ යුතු යුතුකම් නිවැරදිව ඉටු කර රටෙහි සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දීමේ කාලය එලඹ ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය.

රජයේ සේවකයන් යනු උදේ 8 ට කාර්යාලයට පැමිණ සවස 5 ට ඉන් පිටව යන පිරිසක් බවට පත්විය යුතු නැතැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.

ත්රිකුණාමලය පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ 2023 නව වසරේ වැඩ ආරම්භ කිරිමෙන් පසු පැවැති උත්සවය අමතමින් අනුරාධා යහම්පත් මහත්මිය මේ බව කියා සිටියාය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවැසුවාය.

“අපේ රට දැන් තියෙන්නේ ඉතා අවධානම් තැනක. මේක දේශපාලන අර්බුදයක් විතරක්ම කියලා හිතන්න එපා. ආර්ථික අර්බුධයකුත් මේ අතර තියෙනවා, එතැනින් රට ගොඩ ගන්න කවුරු හරි කරනකන් බලන් ඉන්න ආවශ්ය නෑ. ජනතාවට සේවය කරන්න අපි අළුත් විදිහකට හිතන්න ඹ්න. රටේ නවයෙන් පංගුවක් අපිට භාරයි. එය අපි දැන ගත යුතුයි. කෘෂිකර්මාන්තයෙන් රටට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ අපේ පළාතයි. ස්භාවික සම්පත්අ තින් වැඩි හරියක් තියෙන්නේ අපේ පළාතටයි. ඒ හරහා ඇති කර්මාන්ත තුළින් අපි උපරිම පල නෙලා ගත යුතුයි. සංවර්ධනයට ජාති භේද අදාළ නෑ. අපි සියළු දෙනාම ආර්ථික සංවර්ධනයේ රාමුවට ඇතුල් විය යුතුයි. මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් එහෙම උනොත්වි තරයි. අද ආහාර අර්බුදයක් ගැන කථා කරනවා. අපේ පළාතේ එක දරූවෙකුටවත් කන්න නැති වෙන්න බෑ. එහෙම උනොත් අපි සියළු දෙනා ඊට වග කිය යුතුයි” යැයිද ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් කිවාය.

මේ අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම්එ ල්.පී. මදනායක, පළාත් අමාත්යාංශ ලේකම්වරුන්, නියෝජ්ය ප්රධාන ලේකම්වරුන්, පළාත් අධ්යක්ෂකවරුන්, ආයතන ප්රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

E1M2 02 01 2023 

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/