සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බලපත්‍ර හා ඔප්පු බෙදාදීමේ වැඩසටහනක් 2022.03.09 වන දින සමන්තුරේ නගර සභා ශාලාවේදී පැවැත්විණි. එහිදී පුද්ගලයින් 200 කට අධික පිරිසක් සඳහා බලපත්‍ර හා ඔප්පු ලබා දෙන ලදී. මෙම අවස්ථාවට විශේෂිත ආරාධිත අමුත්තන් වශයෙන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් J.M.A.ඩග්ලස්, මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම් A.H.M.අන්සාර්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් D.M.R.C.දසනායක, සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් S.L.M.හනීෆා යන මහත්වරුන් සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව හා සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ද මේ සඳහා සහභාගී විය.
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු සම්බන්ධ ජංගම සේවාවක් නැගෙනහිර පලාත් ඉඩම් කොමසාරිස් D.M.R.C. දසනායක මහතාගේ සහ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් J. ශ්‍රිපති මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022.02.23 දින තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.