a.460x320පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු, සංචාරක ක්ෂේත්‍රයේ සිදුවී ඇති පසුබෑම නැවත යථා තත්වයට පත් කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයෙහි සභාපති ඉන්දික නලින් මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.06.20 වන දින පැවති බව නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමණාකාරු ඒ.එස්.එම්.ෆායිස් මහතා පැවසීය.දැනට පවතින තත්වය මත නැගෙනහිර පළාතෙහි සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටළු මොනවාද යන්න පිළිබඳවත්, එම ගැටළු සඳහා ඉක්මනිනුත්, කෙටිකාලීනව හා දිගුකාලීනව විසඳුම් ලබාදිය හැකි සැලසුම් මොනවාද යන්නත් හඳුනාගැනීම පිණිස මෙම සාකච්ඡාව පැවති බව ඔහු වැඩිදුරටත් පවසා සිටින ලදී.මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා මහතා පැමිණි අතර එම අවස්ථාවවේදී ඔහු රැස්ව සිටි පිරිස අමතා විශේෂ දේශනයක් පවත්වන ලදී.

තවද මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් පාලන සහ සංචාරක අමාත්‍යාංශයෙහි ලේකම් යූ.එල්.ඒ.අසීස් මහතා සහ පළාත් අමාක්‍යාංශයන්හි ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංචාරක ක්ෂේත්‍රෙයහි හවුල්කරුවන් වන හෝටල් හිමිකරුවන්, හෝටල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්, පළාත් පාලන ආයතන වල නියෝජිතයින්,මධ්‍යම සංක්‍රමණ අමාත්‍යාංශයේ නිලධාරීන්, ආරක්ෂක අංශයෙහි උසස් නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරුන් සහභාගි වූහ.තවද මෙම වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු ආධාරව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින නිපුණතා වර්ධන ආයතනය මූල්‍යාධාර ලබා දෙමින් පවතින බවද සඳහන් කළ යුතුයි.

මෙම වැඩසටහන නැගෙනහිර පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමක් වශයෙනුත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අවස්ථාවන් මතු කර ඇති බවත් පෞද්ගලික හා රාජ්‍ය අංශ එක්ව සිදු කරනු ලබන වැඩකටයුතු ශක්තිමක් කිරීමක් වශයෙනුත් පිහිටා ඇති බව මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් විසින් දන්වා ඇත.

b.460x320

c.460x320

 d.460x320 

 WhatsApp Image 2019 06 24 at 10.38.23 AM

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/