නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (8)පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.එහිදී එම ආයතනවල දැනට සිදුකරන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත විශේෂ ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මේ අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක,පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන්,ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.