E1M1 31 12 2021

ත්‍රිකුණාමලය මහ රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය තීරණය කිරීමත් සමග ඊට සුදුසු භූමියක් තෝරාගැනීමට අදාල ක්ෂේත්‍රපරීක්ශාව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ සිදුකෙරිණි.
 
එහිදී සර්ධාපුර ප්‍රදේශයේ නව රෝහල ඉදි කිරීම සදහා සුදුසු යැයි යෝජනා විය. ඒ සදහා වෙන් කර ගැනීමට බලාපොරොතු වන ඉඩම අක්කර ප්‍රමාණය 50 කි.
 
ඉතා කඩිනමින් මෙම භුමිය සෞඛය අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ගරු ආණ්ඩුකාරවරිය දිසාපතිවරයාට උපදෙස් දුන්නාය.
 
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, ආණ්ඩුකාර ලේකම් එල්.පි. මදනායක, සෞඛය අමාත්‍යංශයේ නිලධාරීන්, ත්‍රිකුණාමලය රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
E1M2 31 12 2021 E1M3 31 12 2021

© Provincial Planning Secretariat - EPC