E1M2 30 08 2021

කෝවිඩ් වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත්  ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

 

ආයුර්වේද වෛද්‍යාචාර්ය සඳුන් කෝට්ටයාවත්ත මහතා විසින් එම ඖෂධ පරිත්‍යාග කරන ලදී.එම ඖෂධ ලබා දීමේ පළමු අදියර තඹලගමුව සහ ගෝමරන්කඩවල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ඊයේ ආරම්භ කෙරිණි.කෝවිඩ් රෝගය වැලඳුණු ජනතාවගේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ නොමිලේ ඔවුන්ගේ නිවාස වලටම ලබාදීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබීමද විශේෂත්වයකි.

 E1M1 30 08 2021

© Provincial Planning Secretariat - EPC