b.460x320

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි ඇති සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීම සම්බන්ධයෙන් දින 03ක පුහුණු වැඩසටහන් මාලාවක් ත්‍රිකුණාමලය කුලක්කෝට්ටම් පුහුණු මධ්‍යස්ථානයෙහිදී පැවැත්වුනු බව සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමනාකාර ඒ.එස්.එම්. ෆායිස් මහතා දන්වා සිටින ලදී.

මෙම පුහුණු වැඩසටහනෙහි ආරම්භක උත්සවය සඳහා සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමනාකාරතුමන් ඇතුළු ඕස්ට්‍රේලියානු නියෝජිත ලිසා මෙනෙවිය, සංචාරක ක්ෂේත්‍රයේ උපදේශක පැස්කල් මහතා, සංචාරක කාර්යාංශයෙහිසංවර්ධන නිලධාරී ජාසිර් මහතා යන අය සහභාගී විය.

සංචාරක කාර්යාංශයෙහි ප්‍රධාන කළමනාකාර ඒ.එස්.එම්. ෆායිස් මහතා සභාව අමතා කරන ලද කථාවෙහිදී, පාස්කු ඉරුදින ප්‍රහාරයන්ගෙන් පසු අඩපණ වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහාත් සේවා සපයන්නන්ගේ තරාතිරම වර්ධනය කිරීම සඳහාත් මෙම පුහුණු වැඩසටහන ලබා දෙන බවත් නැගෙනහිර පළතෙහි සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාවන් ඇති කළ බවත් පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධ ක්‍රියාකාරම් තවදුරටත් බලවත් කිරීමටත් මෙ අවස්ථාවක් වන බව පවසා සිටින ලදී.

 

c.460x320

තවද මෙම පුහුණූ වැඩසටහන දිස්ත්‍රික්ක තුන සඳහාම සංවිධානය කර ඇති අතර මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කයන්හි පුහුණු වැඩසටහන් ඉදිරියේදී පවත්වන බවත් මෙම පුහුණූ වැඩසටහනෙහි වටපිටාව, ආරක්ෂාව, සංස්කෘතිය යන කරුණු නැගෙනහිර ලංකාවෙහි සංචාර සම්බන්ධ තොරතුරු සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ථමාන තත්වය ජාත්‍යන්තර මට්ටමේ සංචාර සම්බන්ධ පුහුණුවන් ලබා දුන් බව ද ඔහු පවසා සිටින ලදී.

මෙම පුහුණු වැඩසටහනෙහි නේවාසිකාගාර අයිතිකරුවන්, SPA හිමිකරුවන්, ආපනශාලා හිමිකරුවන්, ප්‍රවාහන පහසුකම් සපයන්නන්, බෝට්ටුකරුවන්, සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යන අය සහභාගී වී පුහුණුව ලබන ලදී.

මේ සඳහා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටී. බාස්කර් මහතා, සංස්කෘතික දෙපාර්තම්න්තු කථිකාචාර්ය ගුණපාලන් මහතා, පෝපුහන් (PHI), ඕස්ට්‍රේලියාස්වෙච්ඡා ලිසා මෙනෙවිය, සංචාරක ක්ෂේත්‍රයේ උපදේශක පැස්කල් මහතා (S4IG) යනඅයදේශකයන් වශයෙන් කටයුතු කරනලුහුණුවන් ලබා දෙන ලදී.

 

 

 

 d.460x320

e.460x320

 

 f.460x320

© Provincial Planning Secretariat - EPC