E1M1

යහපත් ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීම බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එසේ නොවුණහොත් සමාජය දෙමාපියන්ට දොස් පවරන බවද ආණ්ඩුකාරවරිය කීවාය. කුඩා කල සිටම දරුවන්ට නිවැරදි මාර්ගය කියා දිය යුතු බවත් එය ආරම්භ කරන්නේ දරුවන් කුස තුළ  සිටියදීම බවත් ආණ්ඩුකාරවරිය කීවාය.

අග්බෝ සමාජ සේවා පදනම මගින් දසවෙනි වරට සංවිධානය කරන ලද ගැබිණි මව්වරුන් 500ක් ඇගයීමේ උත්සවයට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කීවාය. කන්තලේ 85 අග්බෝපුර  විහාරාධිපති පූජ්‍ය අග්බෝපුර විමලඥාන හිමියන්ගේ පැවිදි දිනය සිහිගැන්වීම සදහා පසුගිය 22 වනදා ත්‍රිකුණාමල සර්ධාපුර අලුත් මාර්ගයේදී මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

එහිදි ගැබිණි මව්වරුන් 500ක් සදහා උපකරණ කට්ටල බෙදාදීම, උදේ සහ දිවා ආහාරය ලබාදීම ඇතුළු තවත් සමාජ සත්කාර රාශියක් සංවිධානය කර තිබුණි. ඒ සදහා නැගෙනහිර පළාත් සභාව, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහයද ලැබී තිබුණි.

මේ අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් යූ.එල්.ඒ.අසීස්, ත්‍රිකුණාමල නගරාධිපති එන්.රාජනායගම් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ

 E1M2

 

 E1M3

© Provincial Planning Secretariat - EPC