E1M2 03 03 2020

එක්සත් ජාතික පක්ෂ රජය නින්දිත ලෙස සහාය දැක්වූ අපේ රටට එරෙහි ජිනීවා යෝජනාවේ සමානුග්‍රහකතවයෙන් ඉවත්වීම වත්මන් රජය ලැබූ විශාල ජයග්‍රහණයක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. යුද්ධයක් අවසන් කළ ලෝකේ එකම රටේ රණවිරුවන්ට පසුගිය රජය හංවඩු ගැසීමට උත්සහ ගත් බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.

“අපි ජිනීවා යෝජනාවෙන් සමානුග්‍රහයෙන් අයින් වුණා. අපිට ජිනීවා යෝජනාවලියකින් අයින් වෙන්න බැහැ. අපි යුද්ධය අවසන් වුණාට පස්සේ තමයි අපිට ඉතාමත්ම තදබල ලෙස එම යෝජනාවලි ඉදිරිපත් වුණේ. 2015 ආව 30(1) කියන යෝජනාවලිය ඒගොල්ලෝ පාදක කර ගත්තා අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හරහා ගෙනාපු වාර්තාවක් ඒකට තමයි කියන්නේ OISL වාර්තාව කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වාර්තාව නිර්මාණය කරලා අපේ රටේ කිසිම කෙනෙකුට ඒක අධ්‍යනය කරන්න ලබා දුන්නේ නැහැ.ඒ වාර්තාව නිර්මාණය කරන්න පටන් ගන්නේ 2014 ඒ ක්‍රියාවලිය 2015 වෙද්දි ඒගොල්ලෝ අවසන් කරනවා.ඒ වාර්තාව නිර්මාණය කරන්න ඒගොල්ලෝ තොරතුරු ගන්නේ පිටරටවල් වල NGO හරහා ඒ NGO වැඩිපුරම දෙමළ ඩයස්පෝරාව මගින් වියදම් දරණ NGO. ඒ වාගේ NGO හරහා කෙරෙන තොරතුරු දත්ත වාර්තාවක් ඉදිරිපත් කලා.

E1M1 03 03 2020

ඒ වාර්තාවේ තියෙනවා අපේ රටේ යුධ අපරාධ කළා කියලා අපේ හමුදාව යුද්ධය අවසන් කාලයේ විශේෂයෙන්ම ලක්ෂ ගණන් සනුහාර කළා කියලා ඒ වාගේ අපරාධ කළා කියලා තමයි අපිට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ඒ වාර්තාව පදනම් කරගෙන තමයි 30(1) යෝජනාවලිය එන්නේ ඔය යෝජනාවලියට තමයි ඉතාමත් නින්දිත ලෙස පහුගිය රජය විසින් සමඅනුග්‍රහය දක්වන්නේ. පහුගිය රජයේ සියලු දෙනාම මේකට සම්බන්ධ වුණේ නැහැ.මංගල සමරවීර මහත්මයා විසින් විදේශ කටයුතු ඇමතිවරයා ලෙස වැඩ කරද්දි ගිහින් සමඅනුග්‍රහය දක්වන්නේ. සමඅනුග්‍රහය දක්වනවා කියන්නේ අපි ඒ යෝජනාවට කැමතියි කියන එක. මම නම් හිතන්නේ ත්‍රස්දවාදී ඉවර කරපු එකම රට මුළු ලෝකයේම තියෙන එකම රට ලංකාව. අපි අපේ හමුදා නිලධාරීන්ව දේවත්වයෙන් සැලකුවා අපේ රටේ යුද්ධයෙන් බැට කෑවේ අපි. මම විශේෂයෙන්ම මේ පළාත් වල අයට කියන්න අවශ්‍ය නැහැ ඒ අය තමයි වැඩිපුරම යුද්ධය නිසා බැට කෑවේ. යුද්ධය ඉවර කරපු හමුදා නිළධාරින්ව පසුගිය රජය හංවඩු ගැහුවා.

අද්මිරාල් සරත් වීරසේකර මහත්මයා මුලිකත්වය අරගෙන අපි ජිනීවා ගියා. මම ඇත්තටම මාගේම කැමැත්තෙන් ඉදිරිපත් වුණේ මම කිව්වා මේක අපේ රටට කරපු ලොකුම නිග්‍රහයක් අපේ ජාතියට කරන ලොකුම නිග්‍රහයක්.අපි ස්වකැමැත්තෙන් ගිහිල්ල තමයි ඉදිරිපත් වෙලා කිව්වේ සමඅනුග්‍රහයෙන් අයින් වෙන්න කියලා නමුත් අපිට යෝජනාවලියකින් අයින් වෙන්න බැහැ. අපි ගෙනාව යෝජනාවලියක් නෙමෙයිනෙ මේක. 

E1M3 03 03 2020

අපි මානව හිමිකම් කවුන්සිලයේ සාමජිකයෝ. කවුන්සිලයේ සාමාජිකයින් හතලිස් ගානක් ඉන්නවා.ලෝකේ ඉන්න හැම රටක්ම ඒකේ සාමාජිකයෝ නෙමෙයි. ඉතින් ඒකෙන් අපි සමනුග්‍රහය දක්වනවා කියන්නේ අපි මේක හරි කියලා පිළිගන්නවා කියන එකයි. නමුත් ඒ අවුරුදු පහ ඇතුළත ඇත්තටම ඕක කර ගන්න බැරුව ගියා නමුත් මේ රජය ආපු විගසම පළවෙනියෙන්ම ක්‍රියාව වුණේ මේ සමානුග්‍රහයෙන් ඉවත් වීම. ඉතින් මම දකිනවා ඒක අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් ලබපු විශාලම ජයග්‍රහණයක්. ඒගොල්ලෝ ඒක පිළිගත්තත් නැතත් අපි ඒ අනුග්‍රහයෙන් සම්පුර්ණයෙන්ම අයින් වෙලා ඉවරයි අපි තනි රටක් වශයෙන් ස්වෛරී රටක් වශයෙන් අපිට ඒකට අයිතිය තියෙනවා. මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයෝ ගොඩක් එකතු වෙලා හදාගත්ත කවුන්සිලයක් ඉතින් ඒකේ හැමෝටම හැම රටකටම එක හා සමාන ස්වෛරීත්වය තියෙනවා ඒක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. අපි සමානුග්‍රහයෙන් අයින් වුනත් අපිට අර 30(1) යෝජනාව තවමත් ඒ විදිහටම තියෙනවා. ඒ යෝජනාවලියේ අපිට තියෙන එක කොන්දේසියක් තමයි අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට ඉදිරිපත් කළ යුතුයි කියන එක. ඇත්තටම ව්‍යවස්ථානුකූලව අපිට ඒ වගේ දෙයක් ඒගොල්ලෝන්ට කියන්න බැහැ. අපේ ව්‍යවස්ථාව හසුරුවන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ අපිට කියන එක අපේ රටේ ස්වෛරීත්වයට හානියක්. අපිට අලුත් අධිකරණයක් ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා.ඒවට අපි යටත් වෙන්න අවශ්‍ය නැහැ.”

 

© Provincial Planning Secretariat - EPC