E1M2 07 09 2020

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළදැයට හිතැති ගොවිතැනනමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

ඉහත ව්‍යාපෘතියේ අස්වනු නෙලිමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ තවදුරටත් වසවිසෙන් තොර පරිසර හිතකාමි ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් පවත්වන අලුත් සහල් මංගල්‍ය 2020 සැප්තැම්බර් මස 08 සහ 09 දෙදින කන්තලේ වැව් බැම්ම මතදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

08 වැනි අගහරුවාදා පස්වරු 4.30ට මෙම උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඉහත ප්‍රවෘත්තිය සදහා ඔබ මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරයක් ලබදීමට අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් ඉල්ලමි.

මේ කෙරෙහි ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

 

 E1M3 07 09 2020

 E1M1 07 09 2020

© Provincial Planning Secretariat - EPC